Qortora · Search · Indexed page
si.wikibooks.orgFetched 2026-08-17T15:42:01Z
Wikibooks
Wikibooks Jump to content ප්‍රධාන මෙනුව ප්‍රධාන මෙනුව move to sidebar සඟවන්න යාත්‍රණය මුල් පිටුව Cookbook කණිෂ්ඨ විකි ප්‍රජා ද්වාරය නව …
Open original source · Full cached text
Wikibooks Jump to content ප්‍රධාන මෙනුව ප්‍රධාන මෙනුව move to sidebar සඟවන්න යාත්‍රණය මුල් පිටුව Cookbook කණිෂ්ඨ විකි ප්‍රජා ද්වාරය නව වෙනස්වීම් අහඹු පිටුව උදවු හොයන්න සොයන්න පෙනුම පරිත්‍යාග ගිණුමක් තනන්න පිවිසෙන්න පුද්ගලික මෙවලම් පරිත්‍යාග ගිණුමක් තනන්න පිවිසෙන්න අන්තර්ගතයන් move to sidebar සඟවන්න ආරම්භය 1 විකිපොත්හි සහෝදර ව්‍යාපෘති 2 වෙනත් ක්‍රියාකාරී තැන් 3 විකිපොත් භාෂා Toggle the table of contents මුල් පිටුව මුල් පිටුව සාකච්ඡාව සිංහල කියවන්න කේතය බලන්න ඉතිහාසය බලන්න මෙවලම් මෙවලම් move to sidebar සඟවන්න කාර්යයන් කියවන්න කේතය බලන්න ඉතිහාසය බලන්න සාමාන්‍ය මෙතනට සබැඳෙන්නේ කුමක්ද සහසම්බන්ධිත වෙනස්වීම් ගොනුවක් උඩුගතකරන්න ස්ථාවර සබැඳුම පිටුවේ තොරතුරු මෙම පිටුව උපුටා දක්වන්න කෙටි කළ URL ලබා ගන්න මුද්‍රණය/අපනයනය පොතක් තනන්න PDF ලෙස බාගතකරන්න මුද්‍රිත අනුවාදය වෙනත් ව්‍යාපෘති තුල Abstract Wikipedia විකිමාධ්‍ය කොමන්ස් Wikimedia Foundation MediaWiki Meta-Wiki Wikimedia Outreach Multilingual Wikisource ජීවවිශේෂවිකි විකිදත්ත Wikifunctions Wikimania විකිපීඩියා වික්ෂනරි Wikidata අයිතමය පෙනුම move to sidebar සඟවන්න Wikibooks වෙතින් සමාලෝචනය • කණිෂ්ඨ විකි • විකිපොත් භාවිතය • ගැටලු • උදව් • සොයන්න විද්‍යාව සමාජ විද්‍යා විෂය සියල්ල භාෂා ගණිතය විවිධ පරිගණක ඉංජිනේරු විද්‍යාව මානව ශාස්ත්‍රය විකිපොත් වෙත සාදරයෙන් පිළිගනිමු. ඕනෑම කෙනෙකුට වැඩිදියුණු කළහැකි නිදහස් විෂය ග්‍රන්ථ සහ අත්පොත් එකතුව. පිටු 1,577 ක් සමග සමස්ත පොත් ගණන 35 කි. තවත් තෝරාගත් පොත්» ප්‍රංශ ප්‍රංශ (Français), {fʁɑ̃sɛ} භාෂාව රෝමානු භාෂාවක් වන අතර එය තම ප්‍රමුඛ භාෂාව ලෙස ලොව පුරා මිලියන 136 ක් පමණ දෙනා භාවිතා කරනු ලබන්නකි. එය ප්‍රමුඛ, දෙවන හෝ විදේශීය භාෂාවක් ලෙස භාවිතයට ගන්නා මුළු ගණන මිලියන 500 ක් පමණ වේ. ප්‍රංශ කථාකරන ප්‍රජාවන් රටවල් හා භූමිප්‍රදේශ 56 ක වාසය කරති. උපතින්ම ප්‍රංශ කථාකරන ජනයාගෙන් බහුතරයක් ප්‍රංශයේ වාසය කරන අතර ඉතිරි කොටස් ප්‍රධාන ලෙස කැනඩාවේ කිව්බෙක් පළාතේ ද සුළුතරයක් අත්ලාන්තික් පළාතේ, ඔන්ටාරියෝ හා බටහිර කැනඩාවේ මෙන්ම බෙල්ජියම, ස්විට්සර්ලන්තය, මොනාකෝ, ලක්සම්බර්ග් හා එක්සත් ජනපදයේ ලුසියානා හා මේන් ප්‍රාන්තවල ද වාසය කරති. දෙවන බස ලෙස ප්‍රංශ කථාකරන බහුතරයක් ෆ්‍රැන්කොෆෝන් අප්‍රිකාවේ වෙසෙන අතර එම ගණන උපතින්ම ප්‍රංශ කථාකරන ජනයාගේ ගණන විවාදාත්මක ව ඉක්මවා යයි. තවත් තෝරාගත් ළමා පොත්» අන්දරේ සීනි කෑ හැටි රජ කාලේ ලංකාවේ සීනි හැදුවේ නැහැ. පිටරටවලින් තමයි සීනි ගෙනාවේ. රටේ සාමාන්‍ය මිනිසුන්ට සීනි නොතිබුනාට රජගෙදරටනම් සීනිවලින් අඩුවක් වුනේ නෑ. දවසක්දා අන්දරේ රජ ගෙදර පැත්තේ යනකොට රජ මිදුල පුරාම පැදුරුවල දාලා සීනි වේලනව. මොකද, සීනි තියෙන්නෙ ගෙයි ඇතුලෙ ගෝනිවල. ඉතින් ටික දවසක් සීනි ගෝනිවල තියෙනකොට වතුර උරල තෙතබරි වෙනව. එතකොට සීනි අව්වේ දාලා වේලා ගන්න ඕනෑ. අන්දරේත් සීනි දැකල තිබුණ කෙනෙක් නෙවෙයි. රජ මිදුල පුරාම දුඹුරු පාටට වනල තියෙන්නෙ මොනවද කියල දැනගන්නතුරු ඉවසිල්ලක් නෑ. අන්දරේ ඉතින් උගුරහෙම පාදල එකස්පස්ව ඉඳල රජතුමාගෙන් අහනවා. “දේවයන්වහන්ස, මොනවද අර මිදුල පුරාම පැදුරුවල දාලා වේලන්නේ, අලුත් විදියේ ධාන්‍ය වර්ගයක්වත් රටවැසියෙකුගෙන් ලැබිල ද?” අන්දරේ එහෙම ඇහුවෙ, ඒ කාලේ රටේතොටේ අලුත් වටින කියන දෙයක් රටවැසියෙකුට ලැබුනොත් රටේ රජ්ජුරුවන්ට ගිහිල්ල දෙන එක තමයි සිරිත. එහෙම ගිහිල්ල දෙන කෙනෙකුට මොනව හරි සංතෝෂමක් දෙන්නත් රජ්ජුරුවො අමතක කළේ නැහැ. අන්දරේගේ හැටිපාට රජ්ජුරුවෝ නොදන්නවයැ, උදේ හවස මාළිඟාවට යනඑන අන්දරේට සීනිවල රස වැටුනොත් වැඩි දවසක් යන්න කලියෙන් සීනි ටික කොහේ ගියාද නැතිවෙයි. ඒ හින්ද රජ්ජුරුවොත් ගත් කටටම කියාපි, “අන්දරේ,ඕවා මේ අපේ උයන්පල්ලා පළතුරු උයනට දාන්න හදාපු පොහොර පස් වගයක්නේ.ඔය පොහොර පළතුරු ගස්වලට දාපුවාම ඒවයෙ හැදෙන පළතුරු මීපැණි වගේ රස වෙනවලු” රජ්ජුරුවෝ එහෙම කිව්වෙ අන්දරේට කිසිම සැකයක් සාංකාවක් ඇති නොවෙන විදියට.මොකද රජ්ජුරුවන්ගෙ උයන කියාපුවාම ඒක රටේ තියෙන හොඳම උයන වෙන්න එපායැ.උයන ලස්සනට තියාගත්තට විතරක් මදි.උයනේ තියෙන එළවලු පළතුරු ඉස්තරම් වෙන්නත් ඕනෑ.ඒකට ඉතින් උයන්පල්ලා නොකරන දෙයක් නැහැ. නොයෙක් විදියේ සාත්තු සප්පායම් කරනවා‚අත්හදා බැලීම් කරනවා. රටේ තොටේ තියෙන හොඳම පළතුරු ගස් ගෙනත් හිටවනවා විතරක් නොවෙයි ඒවායේ රස ගුණ වැඩි කර ගන්න යොදන පොහොර ජාතිත් උයන්පල්ලම හදා ගන්නවා.ددددددد කොහොම උනත් අන්දරේටනම් මේ අමුතු විදියේ පොහොර ජාතිය ගැන තව ටිකක් විපරම් කරල බලන්න කියල හිතුන.අන්දරේගෙ හැටි එහෙම තමයි.ඔහුගේ රාජකාරියනම් හැබයි රජ ගෙදර කවටකම් කරන එක තමයි.ඒ වුනාට රජ ගෙදර කරන කියන දේවල් ගැන අන්දරේ හොඳ විපරමෙන් තමයි නිතරම ඉන්නේ.එහෙම කරන්නේ යහපත් හිතකින් මිසක්,කාටවත් කරදරයක් හිරිහැරයක් කරන්න නොවෙයි.එහෙම විපරමෙන් ඉන්නකොට තමයි රජ්ජුරුවෝ හිත සතුටින් ඉන්නවාද, කෝපවෙලා ඉන්නවාද, ශෝකයෙන් ඉන්නවාද, කියල දැන කියා ගන්න ලේසි පහසු වෙන්නේ. රජ්ජුරුවන්ට කවටකම් කරන්නෙත් නිකම් ආවාට ගියාට නොවෙයි.කවටකම්වල ගැඹුරු තේරුමක් තියෙනවා.කවටකම් කරනකොට, හිනා වෙනකොට, හිත සැහැල්ලුවෙන් තියාගන්න පහසුයි. රටක් පාලනය කරන එකත් ලේසි පහසු රාජකාරියක් නොවෙයි.කැරැළි කෝළාහල ඇති වුනාම ඒවා මැඬ පවත්වන්න ඕනෑ.රටවැසියන්ට ගොවිතැන් කරන්න ඕනවෙන වැව් අමුණු හදන්න ඕන.ලෙඩ දුක් වසන්ගත ඇති වුනාම ඒවාට පිළියම් හොයන්න ඕනෑ.එහෙම වැඩ රාජකාරි වැඩිවෙනකොට රජ්ජුරුවන්ගේ හිත ගිනි කබලක් වගේ.එහෙම වෙලාවට අන්දරේගේ කවටකමකින් තමයි හිත සැහැල්ලු කරගන්න පුලුවන්.එහෙම හිත සැහැල්ලු වුනාම තීන්දු තීරණ ගන්න පහසු වෙනව.එතකොට තමයි රජ්ජුරුවන්ට රටට හොඳ සේවයක් කරන්න පුලුවන් වෙන්න…